ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි පදිකවේදිකාවේ නිදාසිටි කම්කරුවන් පිරිසකගේ ශරීර මතින් ටිපර් රථයක් ධාවනය වීම නිසා 15 දෙනෙකු මිය ගොස් තිබේ.
මෙම ටිපර් රථය ට්‍රැක්ටරයක ගැටීමත් සමග රියදුරුට පාලනය කර ගත නොහැකිව අසලවූ පදික වේදිකාව මතින් ධාවනය කර තිබේ.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ රාජස්තාන් ප්‍රාන්තයේ කම්කරුවන් පිරිසකි. මෙයින් දොලොස්දෙනෙකු එම ස්ථානයේම මියගිය අතර සෙසු තිදෙනා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. කුඩා ගැහැණු දරුවෙකු, කාන්තාවන් අට දෙනෙකු හා පිරිමින් හයදෙනෙකු මිය ගිය පිරිස අතර වෙති.
