කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලානාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ලබන 27 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
අදාළ පෙත්සම ) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතිසී මෙතෙක් භාරදී නොමැති බව විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට පෙන්වා දෙන ලද අතර එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු කියා සිටියේ තමන් නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතිසි දැනටමත් භාර දී ඇති බවය.
ඒ අනුව එම අවස්ථාවේ අධිකරණයේ සිටි රජයේ නීතිඥවරයෙකු වෙත එම නඩුකරයට අදාළ නොතිසි යළි භාරදෙන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතාට දැනුම් දුන්නේය.