27 C
Colombo
19/01/2025

අවුරුදු 18ට වැඩි සියල්ලටම හමුදා පුහුණුවක්-ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්

Share with your friends :

නීතිගරුක සමාජයක් බිහිකිරීම උදෙසා වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට හමුදා පුහුණුවක් ලබාදීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර මහතා පවසයි.
මෙම යෝජනාව ගෙන එන්නේ නීතිගරුක සමාජයක් බිහිකිරීම උදෙසා වන අතර කිසිවකු හමුදා පුහුණුවට බිය වියයුතු නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙසේද පවසයි.
“හැමෝමට අවුරුදු 18න් ඉහළ තරුණ තරුණියන්ට අපි හමුදා පුහුණුවක් දිය යුතුමයි. ඉතිං ඒ යෝජනාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මගේ යෝජනාවක්. ඒ යෝජනාව කරන්නෙ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, ඒ යෝජනාව කරන්නෙ රටේම යහපත සඳහා
හමුදා පුහුණුව කියන එකට කවුරුත් බය වෙන්න ඕනෙ නෑ. මොකද හමුදා පුහුණුවකින් තමයි මිනිහෙක්ට කෙළින් හිටගන්න පුළුවන් වෙන්නෙ, ඇස් දෙක බලලා කතා කරන්න පුළුවන් වෙන්නෙ, පෞරුෂත්වය නැංවෙන්නෙ, නායකත්වය පිළිබඳ ගුණාංග ඇතිවෙන්නෙ ඒ හමුදාවෙන්. ඒ වගේම තමයි නීතියට ගරු කරන එක, විනයක් ඇතිවෙනවා, හික්මීමක් ඇතිවෙනවා, ඒ අයට වගකීමක් පැවරෙනවා … මේ දේවල් තමයි ඒ පුහුණුවෙන් කරන්නෙ. කවුරුත් ඒකට බයවෙන්න ඕනෙ නෑ. එහෙම දෙයක් කළොත් මම හිතනවා බොහෝදුරට නීතිගරුක සමාජයක් බිහිකරන්න පුළුවන් කියලා”
https://www.facebook.com/watch/?v=407182880616570&t=3

Share with your friends :