ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය බලපෑම් සිදු කරන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන සකස් කළ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වෙත යවා තිබේ.
එම යෝජනාවලිය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික මහජන කොංග්‍රසයේ නායක ගජේනද්රකුමාර් පොන්නම්බලම්, තමිල් මක්කල් තේසීය කුට්ටනි නායක සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරු හා සිවිල් සංවිධාන වල නියෝජීතයින් අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇත.
මේ පිළිබදව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ එම යෝජනාවලියේ පිටපත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් තනාපතිවරුන් වෙතද යවා ඇති බවයි.
එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය ආරම්භවීමට නියමිත අතර එහිදි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව කියන නව යෝජනාව සකස් කිරීමේදි තමන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගන්නා ලෙස එමගින් ඉල්ලා ඇත.
ඒ අනුව එම යෝජනාවලියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
යුද්ධය අවසන්ව වසර 10 කාලයක් ගත වුවද ශී‍්‍ර ලංකා රජය ජාත්‍යන්තරය වෙත ලබා දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නොමැත. මෙරට යුද්ධයේ අවසන් මෙහෙයුම් වලදි සිදුවු බව කියන මානව හිමිකම් ඉඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන යුත් කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ වාර්තාව 2011 වසරේ සැප්තැම්බර් මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ එවක කොමසාරිස්වරයා වෙත ඉදිරපත් කරනු ලැබිණි. ඉන් පසුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරැකීම හා වගවීම සඳහා වන යෝජනාවක් සම්මත කරනු ලැබිණ.
ඉන් අනතුරුව 2015, 2017 හා 2019 වර්ෂයන්හිදි එම කවුන්සලය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ සමඅනුග්රහකත්වයද හිමිවිණි.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ වර්තමාන තත්ත්වය අනුව අභ්‍යන්තර හෝ මිශ්‍ර යාන්ත්‍රණයක් මගින් වගවීමේ කි‍්‍රයාවලිය ඉටු කර ගැනීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල් පිළිගත යුතුව ඇත.
රට හමුදාකරණය කිරීම, දේශපාලන සිරකරුවන් දිර්ඝ කාලයක් සිරගතකොට ගෙන සිටිම, පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම, අවම වශයෙන් කිරි ගෝවීන් ප්‍රයෝජනයට ගන්නා තෘණ බිම් පවා ආක්‍රමණය කිරීම යන වැනි කටයුතු වැඩි වී ඇත. තවද සමාජ හා දේශපාලඥයින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරිම තිීව්ර කර තිබීම වැනි මර්දනයන් වැඩිවී තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ භූමිදානයට ඉඩ නොදි ආදාහනය කිරීම, යුද්ධයෙන් මිය ගියවුන් සිහිපත් කිරීමට ඇති අයිතිය අහිමි කිරීම වැනි සුළු ජනකොටස් වල මර්දනය කිීරීමේ කි‍්‍රයාමාර්ගද මේවනවිට ශී‍්‍ර ලංකාවේ වැඩිවෙමින් පවතී.
එබැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරයේදි ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය තහවුරු කළ යුතුව ඇත. එහෙත් අභ්‍යන්තර යාන්ත්‍රණයක් මගින් හෝ මිශ්‍ර යාන්ත්‍රණයක් මගින් එය ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයාත්මක නොකරනු ඇත.නමුත් එය තහවුරු කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතුය.
ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හා ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ඉහළපෙළ පිළිගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ආයතන වෙත මේ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට කටයුතු කළ යුතුය. මෙම කාරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරයා මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත, ආරක්ෂක මණ්ඩලය වෙත යොමු කළ යුතුය.ඒ සදහා සාමාජික රටවල් බලපෑම් කළ යුතුය.
ශී‍්‍ර ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් හා ඊට අදාළ මර්දනය කිරීම් පිළිබදව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශාඛාවක් ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කළ යුතුය. ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ ශාඛාවක් ස්ථාපිත කර සිරියාවේ සාක්ෂි එකතු කළ ආකාරයෙන් අවුරුද්දක කාලයක් ඇතුළත දැඩි කොන්දේසි මත ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබද සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය.
ශී‍්‍ර ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම කාරණය ජාත්‍යන්තරයේ ඉහළ පෙළ අවධානය වෙත යොමු කරන්නැයි නැවත් වරක් අවධාරණය කර සිටින්නෙමු.
මෙතෙක් යුක්තිය ඉටු නොවුණු අපගේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරදීමත් සහන ලබාදීමත් වෙනුවෙන් නිශ්චිතව හා අප්‍රමාදව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වලින් ඉල්ලා සිටින්නෙමු.