පාර්ලිමේන්තු සංකීර්ණය තුළින් හඳුනා ගත් කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 09 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පාර්ලිමේන්තු සේවකයන් 04 කට සහ ආරක්ෂක අංශයේ නිළධාරීන් 04 කට වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ.දැනට නිරෝධායන ලක් කර ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ සේවකයන් සංඛ්‍යාව 150 කට ආසන්නය.
පසුගිය දිනවල පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 කගෙන් හා පාර්ලිමේන්තු සේවකයන්, ආරක්ෂක නිළධාරීන් 911 කගෙන ජෛව පටල සාම්පල ලබාගෙන තිබිණි.
මීට පෙරද පාර්ලිමේන්තුවේ සේවක පිරිසක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණි.