27 C
Colombo
08/11/2024

WhatsApp සටන් අතහැර පසු බසී – සේවා සාමාන්‍ය පරිදි ඉදිරියටම

Share with your friends :

මිලියන සිය ගණන් ජනතාව WhatsApp අතහැර වෙනත් ජාල වෙත ඇදෙන්නට පටන් ගැනීමත් සමග එම සමාගම සිය නව නීතිය කල් දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව මෙම නව නීතිය 2021 මැයි මස 15 වන දින දක්වා කල් තැබෙන අතර ඒ වන තුරු සියලු වට්ස්ඇප් පාරිභෝගිකයින් හට තම ගිණුම කිසිදු අවහිරයකින් තොර ව භාවිත කිරීමට හැකි වනු ඇත.
මීට පෙර ඔවුන් සඳහන් කර තිබුණේ පෙබරවාරි මස 8 වනදා වට්ස්ඇප් පරිශීලකයින් වෙත පැමිණීමට නියමිත ව තිබෙන යාවත්කාලීන කිරීමෙහි (Update) සඳහන් වන පරිශීලකයාගේ සියලු දත්ත එම සමාගම විසින් පරිහරණය කරන බවයි.
මේ සම්බන්ධයෙන් බොහෝ වැරැදි තොරතුරු මේ වන විට සමාජගත වී තිබෙන බැවින් එම තොරතුරු නිවැරැදි කොට, අදාළ නීතිය මඟින් සැබැවින් ම සිදු කෙරෙන්නේ කුමක්ද යන වග හොඳින් පැහැදිලි කර දෙන තෙක් සිය නව නීතිය කල් දමන බවට වට්ස්ඇප් සමාගම දන්වා සිටියි.
මේ අතර Signal ජාලය වෙත WhatsApp පරිශීලකයන් එක්වරම මිලියන ගණනින් එක්වීම නිසා එම ජලයේ තාක්ෂණික ගැටළු ඇතිවී තිබේ.

Share with your friends :