උගන්ඩාවේ ජනාධිපතිවරණයෙන් ජනාධිපති යුවෙරි මුසවේනි යලිත් වරක් ජය ගෙන තිබේ.
කෙසේ වෙතත් ප්‍රතිවාදී අපේක්ෂක බොබී වයින් පවසන්නේ මැතිවරණය සාධාරණ නොවූ බවය. මුසවෙනි ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59 ක් ලබා ගත් අතර බොබී වයින් ලබා ගෙන ඇත්තේ සියයට තිස් පහක් පමණි.
දැනට 76 වන වියෙහි පසුවන ජනාධිපති යුවෙරි මුසවේනි 1986 සිට එරට බලයේ සිටී.
ජනාධිපතිවරණ සටනේදී ප්‍රතිවාදීන් ඝාතනය කිරීම් , එරට ඉන්ටර්නෙට් සේවා අත්හිටුවීම ආදී චෝදනා රැසක් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබේ.