මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සඳහා වන අතර එම ලකුණු ප්‍රමාණය 193 කි. මීට අමතරව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරගන්නා අවම ලකුණු සීමාව 192 කි. කොළඹ ආනන්ද විද්‍යාලය හා කුරුනෑගල මලියදේව විද්‍යාලය සඳහා සඳහා ලකුණු 191 කි.
සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු සීමාව 194 ක් වන අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයට හා කුරුනෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ලකුණු සීමාව 191 කි.මහනුවර මහාමායා විද්‍යාලය සඳහා ලකුණු සංඛ්‍යාව 190 කි.
මිශ්‍ර පාසල් වෙත සිසුන් ඇතුළත් කරගන්නා ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉහළම ලකුණු සීමාවක් වන ලකුණු 186 ක් අවශ්‍ය වන්නේ රත්නපුර සීවලී විද්‍යාලයටය.
හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ලකුණු සීමාව 185 කි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ කඩයිම් ලකුණු සීමාවන් පහත පරිදි වේ.