27 C
Colombo
24/11/2024
up price inflation cost

දෙස්-විදෙස් ණය පොලිය කෝටි 5300 කින් ඉහළට

Share with your friends :

දෙස්-විදෙස් ණය පොලිය කෝටි 5300 කින් පමණ ඉහළට ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව දේශීය හා විදේශීය ණය සඳහා පොලී ගෙවීම් සියයට නවයකින් වැඩි වී ඇත.
ගිය වසරේ මුල් මාස 8 දී රජය ලබා ඇති ණය සඳහා වූ පොලිය ගෙවීම මෙලෙස වැඩි වී ඇත.
වර්ෂ 2019 දී රුපියල් බිලියන 599.6ක් වූ පොලී ගෙවීම 2020 දී රුපියල් බිලියන 653.5ක් වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුළු වියදමින් රුපියල් බිලියන 481.7ක් දේශීය රාජ්‍ය පොලිය වෙනුවෙන් ද රුපියල් බිලියන 171.7ක් විදේශීය ණය පොලිය වෙනුවෙන් ද ගෙවා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share with your friends :