උතුරු කොරියාව ලොව බලවත්ම බැලස්ටික් මිසයිල පෙළක් නිපදවා තිබේ. මෙම මිසයිල පද්ධති අද ප්රදර්ශනය කෙරුණු අතර ඔවුන් මෙය ලොව බලවත්ම ආයුධය ලෙස හඳුන්වා තිබේ.
මෙම නව මිසයිල ප්රදර්ශනය අද පැවති යුද සංදර්ශනයකදී මුල්වරට ප්රදර්ශනය කරන ලද අතර ඊට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහභාගී විය.
ඇමරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නට දින කීපයක් තිබියදී මෙම ප්රදර්ශනය පැවැත්වීමද විශේෂිතය, තම රටෙහි ප්රධාන සතුරා ඇමරිකාව ලෙස පසුගියදා කිම් ජෝන් උන් ප්රකාශ කර තිබේ.