කොරෝනා වයිරසය මර්දනයට මෙරට ජනතාවට ” ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ” නමැති එන්නත පෙබරවාරි මස මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.
මෙම එන්නත දිවයිනෙහි ස්ථානය 4000 කදී ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරිය සදහන් කළ අතර මේ සදහා ඉලක්කගත කණ්ඩායමක් හදුනාගැනීමට පියවර ගෙන ඇති බවයි.
එන්නත ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය පළාත් සහ දිස්ත්‍රික් අධ්යක්ෂවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ සහාය ඉල්ලා සිටින බවද ඇය සඳහන් කරයි.
ශ්‍රීලංකාවේ ප්‍රධාන පෙලේ ප්‍රජ විශේෂඥ වෛද්‍යවරියක වන ඇය 2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කල දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ බිරිඳය. කොරෝනා මර්දන ක්‍රියාවලියේදී ඇයගේ වගකීම් සහගත වෘත්තීයමය ක්‍රියාකලාපය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.
next post