27 C
Colombo
19/01/2025

US aid ආයතනයේ ප්‍රධානියා ලෙස සමන්තා පවර් පත් කෙරේ

Share with your friends :

ජෝ බයිඩන් විසින් ජාතන්තර සංවර්ධන කටයුතු පිලිබඳ ඇමරිකා එක්සත් ජනපද ආයතනය හෙවත් US aid ආයතනයේ ප්‍රධානියා ලෙස සමන්තා පවර් පත් කර තිබේ. 2013 වසරේ සිට 2017 වසර දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වුයේද ඇයයි.
යුද පුවත් වාර්තාකරිනියක ලෙස සිය ජීවිතය ආරම්භ කල ඇය පුලිට්සර් සම්මානයද දිනාගත් මාධ්‍යවේදිනියකි.
ඔබාමා ජනාධිපතිවරයා ලිබියානු ආක්‍රමණය සඳහා මෙහෙයවූ තැනැත්තිය බවට සැලකෙන්නේද ඇයයි. මානව හිමිකම් හා කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ලෙසද ඇය ප්‍රසිද්ධියක් උසුලයි. 2016 වසරේදී ෆෝබ්ස් සඟරාව විසින් ලොව බලවත් කාන්තාවන් අතර 41 වැනි ස්ථානය සඳහා ඇය නම් කර තිබිණි. ඇය අයර්ලන්ත දෙමාපියන්ට දාව ලන්ඩනයේදී උපත ලැබූ තැනැත්තියකි.
ඇය ශ්‍රීලංකාව සම්බන්ධයෙන් මතබේදාත්මක චරිතයකි.

Share with your friends :