සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි.
මෙහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක් රැස් කළහ. ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්නගේ ඇගිල්ලේ ආබාධයක් හේතුවෙන් අද තරගයට ඇතුළත් නොවූ අතර කණ්ඩායම මෙහෙවීමේ වගකීම ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වන දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබුණි.
කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේදීද ලකුණු නොලබා දැවී ගියේය.ඒ අනුව මෙන්ඩිස් සිය අවසන් ටෙස්ට් ඉනිම් හතරේදීම ලකුණු රැස් කිරීමට සමත්වී නැත.
එංගලන්ත කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු දෙකකට ලකුණු 127 ක් ලබා සිටී.
එංගලන්ත කණ්ඩායමේ ඩොම බේස් ලකුණු 30 කට කඩුලු 5 ක් ලබා ගත්තේය.