සියලුම විදේශීකයන්ට ජපානයට ඇතුළුවීම වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇත.
ජපානය තුල එක දිනක් තුල නව ආසාදිතයන් 4527 ක් සහ මරණ 51 ක් වාර්තාවීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.
මේ වන විට ජපානයේ රෝහල් වල කොරෝනා රෝගීන් 61500 කට වැඩි පිරිසක් නේවාසිකව ප්රතිකාර ලබති.
ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්රකාශයට පත්කර ඇති අතර එය පෙබරවාරි 7 වැනිදා දක්වා බලපැවැත්වේ.
මේ අතර ක්රීඩා සහ විනෝදාත්මක උත්සව සඳහා සහභාගිවීම් සීමා කර තිබේ.