ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලිත් වරක් දෝෂාභියෝගයට ලක් කර තිබේ. ඒ සඳහා ඇමරිකානු කොන්ග්‍රසයට ඉදිරිපත්වූ යෝජනාව 232 – 197 ක් ලෙස සම්මත විය.
මෙහිදී රිපබ්ලිකන් කොන්ග්රස් සභිකයන් දස දෙනෙක් ඩිමොක්රටික් කොන්ග්රස් සභිකයන් සමග දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන්හ. මීළඟට මෙය සෙනෙට් සභාවෙන් සම්මත විය යුතුය.
යම් ලෙසකින් එයද සම්මත වුවහොත් වෙනත් යෝජනාවක් මගින් අවශ්‍ය නම් ඩොනල්ඩ් ට්‍රම්ප් හට නැවත වරක් තරග කිරීමේ අවස්ථාව අහිමි කල හැක.
ඇමරිකානු ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයට ලක් කල එකම ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේද බොහෝ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ ට්‍රම්ප් ගේ මෙම කටයුතු නිසා රිපබ්ලිකන් පක්ෂයට මෙන්ම රටේ ප්රජාතන්ත්රවාදයට දැඩි පහරක් වැදුණු බවය. ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලට පහරදීම සඳහා ජනතාව මෙහෙයවීම හා ප්රජතනත්රවාදයට එරෙහිව කටයුතු කිරීම යන චෝදනා දෝෂාභියෝගය මගින් ට්‍රම්ප් ට විරුද්ධව ඉදිරිපත්ව තිබේ. මෙම පහරදීමේ සිද්ධියේදී 5 දෙනෙකු මිය ගිය අතර විශාල දේපල හානියක්ද සිදු විය.
ලබන 20 වැනිදා ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිතය. එදිනට ට්‍රම්ප් ගේ අනුගාමිකයන් එරට ප්‍රාන්ත ගණනාවක විවිධ කලබල ඇති කිරීමේ උත්සාහයක් පවතී.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන ඇත.
ජනාධිපති ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් ප්රචණ්ඩත්වය ඇති කරනු ඇතැයි යන අවදානම සලකා බලමින් ඇල්ෆබට් සමාගම මෙම පියවර ගෙන තිබේ.
යූටියුබ් වීඩියෝ බෙදාහැරෙන සමාජ මාධ්‍ය අයත් ගූගල් සමාගමේ මවු සමාගම වන්නේ ඇල්ෆබට් සමාගම යි. යූටියුබ් වීඩියෝ බෙදාහරින සමාජ ජාලය ගත් නව පියවරවලට අනුව ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් වීඩියෝ සජිවීව විකාශය සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7කට අත්හිටුවා ඇත. ඊට අමතරව ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාවේ තිබෙන වීඩියෝවලට අදහස් ප්‍රකාශ කිරීමද අත්හිටුවා ඇත.
මීට පෙර ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවන ලදී.
previous post