කොරෝනා නිසා ලෝකයේ රටකින් රටකට යනවා කියන එක දැන් එක අතකට එතරම් වැදගත් දෙයක් නෙවෙයි මිනිස්සුන්ට. ඒත් ලෝකයේ විවිධ රටවලට ගමන් කිරීමේදී තමන් පුරවැසිභාවය හිමි කරගෙන සිටින රටේ Passport එකට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයක්.
2021 වසරේ ලොව වඩාත් ප්‍රබලම Passport එක එනම් ගමන් බලපත්‍රය ලෙස තෝරා ගෙන තිබෙන්නේ ජපානයේ Passport එක. ජපානයේ Passport එකට ලොව රටවල් 191 කට වීසා නොමැතිව හෝ On Arrival Visa මත ගමන් කරන්න පුළුවන් .
දෙවන ස්ථානය දින ගෙන ඇත්තේ සිංගප්පුරුව. තෙවන ස්ථානය දකුණු කොරියාව සහ ජර්මනිය සම සමව හිමි කර ගෙන තිබෙනවා,
සිවු වන ස්ථානය ඉතාලිය,පින්ලන්තය ,ස්පාඤ්ඤය හා ලක්සම්බර්ග් හිමි කර ගෙන තිබෙනවා, පස්වන ස්ථානය ඩෙන්මාර්කය හා ඔස්ට්‍රියාව හිමිකර ගෙන තිබෙනවා ,
හය වන ස්ථානය දිනා ගෙන ඇත්තේ ස්වීඩනය, ප්‍රංශය,පෘතුගාලය,නෙදර්ලන්තය,හා අයර්ලන්තය හිමි කර ගෙන සිටිනවා ,
ඇමරිකා එක්සත් ජනපදය ,එක්සත් රාජධානිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය , බෙල්ජියම සහ නවසීලන්තය හිමි කරගෙන ඇත්තේ හත්වන ස්ථානය, ඒ visa නොමැතිව රටවල් 185 කට ගමන් කල හැකි නිසා,
ඔස්ට්‍රේලියාව ,ග්‍රීසිය, මෝල්ටාව ,චෙක් ජනරජය අටවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ visa නොමැතිව රටවල් 184 කට ගමන් කල හැකි නිසා,
කැනඩාව නව වන ස්ථානයට පත්ව සිටින අතර දසවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ හන්ගේරියාවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 16 වන ස්ථානයට පත්ව තිබෙනවා, ඒ රටවල් 173 කට visa රහිතව ගමන් කල හැකි නිසා, 2006 වසරේදී ඔවුන් හිමි කර ගෙන සිටියේ 62 වන ස්ථානය. ඒත් කෙටි කාලයක් ථුඅ ඔවුන් ලයිස්තුවේ ඉහලටම පැමිණෙන්නට සමත්ව තිබෙන්නේ තම රට සම්බන්ධයෙන් දිනා ගෙන තිබෙන ජාත්‍යන්තර විශ්වාසය අනුව. ඒ වන විට ඔවුන්ට හැකියාව තිබුනේ රටවල් 35 කට visa නැතිව ගමන් කරන්නට පමණයි.
ලොව අඩුම පිළිගැනීමක් ඇති passport සහිත රටවල් වන්නේ උතුරු කොරියාව, ලිබියාව, නේපාලය,පලස්තීනය,සෝමාලියාව , යේමනය,පකිස්ථානය, සිරියාව ,ඉරාකය සහ ඇෆ්ඝනිස්ථානයයි.