27 C
Colombo
19/01/2025

ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයට රිපබ්ලිකන්වරුන්ගේත් සහය – YouTube අවහිර කරයි

Share with your friends :

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත දෝෂාභියෝගය සඳහා ඇතැම් රිපබිලිකන් සනෙට් සභිකයන්ගේ සහ කොන්ග්‍රස් සභිකයන් ගේද සහය පලවී තිබේ. ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේද බොහෝ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ ට්‍රම්ප් ගේ මෙම කටයුතු නිසා රිපබ්ලිකන් පක්ෂයට මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් වැදුණු බවය. ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලට පහරදීම සඳහා ජනතාව මෙහෙයවීම හා ප්‍රජතනත්රවාදයට එරෙහිව කටයුතු කිරීම යන චෝදනා දෝෂාභියෝගය මගින් ට්‍රම්ප් ට විරුද්ධව ඉදිරිපත්ව තිබේ. මෙම පහරදීමේ සිද්ධියේදී 5 දෙනෙකු මිය ගිය අතර විශාල දේපල හානියක්ද සිදු විය.
ලබන 20 වැනිදා ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිතය. එදිනට ට්‍රම්ප් ගේ අනුගාමිකයන් එරට ප්‍රාන්ත ගණනාවක විවිධ කලබල ඇති කිරීමේ උත්සාහයක් පවතී.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන ඇත.
ජනාධිපති ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් ප්‍රචණ්ඩත්වය ඇති කරනු ඇතැයි යන අවදානම සලකා බලමින් ඇල්ෆබට් සමාගම මෙම පියවර ගෙන තිබේ.
යූටියුබ් වීඩියෝ බෙදාහැරෙන සමාජ මාධ්‍ය අයත් ගූගල් සමාගමේ මවු සමාගම වන්නේ ඇල්ෆබට් සමාගම යි. යූටියුබ් වීඩියෝ බෙදාහරින සමාජ ජාලය ගත් නව පියවරවලට අනුව ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් වීඩියෝ සජිවීව විකාශය සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7කට අත්හිටුවා ඇත. ඊට අමතරව ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාවේ තිබෙන වීඩියෝවලට අදහස් ප්‍රකාශ කිරීමද අත්හිටුවා ඇත.
මීට පෙර ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවන ලදී.

Share with your friends :