27 C
Colombo
19/01/2025

කැබිනට් සංශෝධනය කොරෝනා පොකුර නිසා කල් යන ලකුණු ?

Share with your friends :

පාර්ලිමේන්තුවේ දැනට ඇතිවී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් ඉදිරි දින වලදී සිදු කරන්නට නියමිතව තිබු කැබිනට් මණ්ඩල සංශෝධනය කල් යාමට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මේ වන විට මැති ඇමතිවරුන් කීපදෙනෙකු කොරෝනා අසදනයවී ඇති අතර තවත් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. මෙවර සිදු කෙරෙන කැබිනට් සංශෝධනය දැවැන්ත කැබිනට් සංශෝධනයක් වන අතර එහිදී ප්‍රධාන ඇමති ධුර ගනනාවක් වෙනස්වීමට නියමිතය.
මෙම කැබිනට් සංශෝධනයෙන් පසුව දැනට රටේ පවතින උදාසීන ගතිය පහව ගොස් නව ජවයකින් රජය ඉදිරියට යාම හා ඒ හරහා ඉදිරි පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද වලට මුහුණදීම රජයේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව සෞඛ්‍ය, අධිකරණ , වෙළඳ , වරාය , අධ්‍යාපන ආදී අමාත්‍යංශ ගණනාවක ඇමති ධුර හා විෂය පථයන් ද වෙනස් වනු ඇතැයි පැවසේ.
රාජ්‍ය ආයතන රැසක කටයුතු නිසි පරිදි සිදු නොවීමට හේතුව අත්දැකීම් නොමැති රාජ්‍ය ඇමතිවරුන්ට බලය පැවරීම බව පෙනී ගොස් තිබේ. මේ නිසා මෙවර සංශෝධනයේදී අත්දැකීම් සහිත ප්‍රබලයන්ට යම් වැඩි බලතල ලැබෙනු ඇතැයි පැවසේ.
මේ අතර ජීවන වියදම ප්‍රශ්නය රජයේ ජනප්‍රියතාවය අඩු වීමට බොහෝ දුරට බලපා ඇති බව පෙනීගොස් ඇති බැවින් එම ප්‍රශ්නය සඳහා ප්‍රයෝගික විසඳුම් ලබා දියහැකි ක්‍රියාමාර්ග කීපයක් ගැනීමට නියමිතය.ඒ අනුව එම විෂය සඳහා එම විෂය සම්බන්ධයෙන් අත්දැකීම් ඇති නව රාජ්‍ය ඇමතිවරයකු පත් කරන්නට නියමිත බව සඳහන්ය. එසේම භාණ්ඩ මිල අඩු කිරීම සඳහා ඉදිරියෙදෙඑඑ අත්යවශ්ය ආහාර ද්‍රව්‍ය රාජ්‍ය ආයතන හරහා ආනයනය කිරීමටද අවධානය යොමුවී තිබේ.

Share with your friends :