27 C
Colombo
19/01/2025

ශ්‍රී ලංකන් කළමණාකාරිත්වය නියමුවන් ගැන අසත්‍ය මත නිර්මාණය කරන බවට චෝදනා

Share with your friends :

COVID -19 වයිරසය ආසාදිත ශ්‍රී ලංකන් ගුවන් සේවකයින්ගේ ගැටළු සහ ඔවුනට ලබා දී ඇති පහසුකම් පිළිබඳව එම සමාගමේ කළමණාකාරිත්වය විසින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයට ප්‍රසිද්ධියේ පිළිතුරු දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් සේවා නියමුවන්ගේ සංසදය (Airline Pilot’s Guild of Sri Lanka – ALPGSL) තීරණය කල බව එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය මෙසේය.
රාජකාරියේ නියුතුව සිටියදී COVID -19 වයිරසය ශරීර ගත වී PCR පරීක්ෂණ සිදුකල එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර කාර්ය මණ්ඩලයට නවාතැන් ගැනීමට සුදුසු, එනම් පිළිගත හැකි මට්ටමේ සනීපාරක්ෂාවක් සහ මූලික පහසුකම් සහිත පෞද්ගලික නිරෝධානය මධ්‍යස්ථානයක ලබා දෙන මෙන් විටින් විට කළමණාකාරීත්වයෙන් ඉල්ලීම් කලද, එම ඉල්ලීම් කිසිදු තැකීමකින් තොරව ඉවත හෙලන ලදී. මෙම තත්වය හමුවේ අප සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කළමණාකාරීත්වය පිලිබඳව අප සංසදය දැඩි කනස්සල්ලකින් පසු වෙන්නෙමු. රාජකාරියට කවදත් කැපව සිටින අප සංසදයේ සාමාජිකයින් පිළිබඳව අසත්‍ය පොදු මතයක් නිර්මාණය කිරීමට පාලන අධිකාරිය වෙහෙසෙන බැවින්, මෙලෙස සටහනක් තැබිමට අප පෙළඹුනෙමු.
මෙම වසංගතය ආරම්භයේදීම, ලොව සෙසු ගුවන් සමාගම් බොහොමයක් චීනය කරා යන ගුවන් ගමන් නවතා දමන ලදී. නමුත් මෙම රෝගය පිලිබඳව ඇති විද්‍යාත්මක සාධක ඉතා ප්‍රාථමික මට්ටමක තිබූ එම අවස්ථාවේදී ද අප සමාගම අප වෙත පැවරූ රාජකාරිය, අප සමාගම කෙරෙහි අප තුල ඇති ලෙන්ගතුකම පෙරදැරිව නොපසුබටව ඉටු කිරීමට අප නොපැකිලිව ඉදිරිපත් වුනෙමු. වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ “වුහාන්” නගරයට කෙරුණු ගුවන් ගමන අපගේ නියමුවන් භාර ගනු ලැබුවේ එම ගමනේ තිබූ අතිශය ඉහල අවදානම් තත්වය හා බරපතල බව මනාව තෙරුම් ගෙනය, නමුත් ජාතියේ නාමයෙන් එම ක්‍රියාන්විතය අප නියමුවන් නිසි ලෙස ඉටු කළෙමු. මෙම වයිරසය හේතුවෙන් අප සමාගමේ සාමාන්‍ය කටයුතු අකර්මන්‍ය විම ඉදිරියේ, කාර්යමණ්ඩලය වන අප සාමානයෙන් පිළිපදින කෘත්‍ය ලේඛනය (Roster) පවා වෙනස් විනි. මසකට වරක් නිකුත් කරන එම ලේඛනය, සතිපතා නිකුතුවකට මාරු කෙරුණි. මේ තුලින් ඉතා කෙටි කාලයක් තුල කරන දනුම්දීමකින් වුවද රාජකාරියට වාර්තා කිරීමට සුදානම්ව සිටිය යුතු අවස්ථා ඉතා ඉහල මට්ටමක පැවතුනි. ගුවන් ගමනක් භාර ගෙන එය නිම කිරීමෙන් පසුව දින 7 සිට 14 දක්වා කාලයක් තම ප්‍රියයන්ගෙන් වෙන්ව හුදකලාව සිටීමට සිදුවුණි. සෑම ගුවන් වාරයකට පසුව PCR පරීක්ෂණයකට මුහුණ දිමටත් සිදු විය. ගුවන් නියමුවකුගේ සාමාන්‍ය රාජකාරී කාලය (උපරිම අවසර ලත් රාජකාරී කාලය) දීර්ඝ කරන ලද අතර එමඟින් සමාගමට උපරිම ලාභ ලබා ගැනීමට සහ පවතින ඕනෑම ව්‍යාපාරික අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට හැකි විය. උදාහරණයක් ලෙස යුරෝපයට ගුවන් ගමනක් ධාවනය කිරීමේදී අවම විවේක කාලය වූ පැය 12-14 අවසන් වූ වහාම ආපසු ශ්‍රී ලංකාවට පියාසර කිරීමට සිදු වේ. එය වෙහෙස කර කාර්යයක් වුවද රාජකාරිය උතුම් කොට සලකමින් අවංක චේතනා පෙරදැරිව කිසිදු පැකිලීමකින් තොරව අප වෙත පැවරුණු වගකීම ඉෂ්ඨ කිරීමට අප නොපසුබටව ඉදිරිපත් වුනෙමු.
ආසාදිතයන් විය හැකි මගීන් ගමන් කිරීම තුලින් මෙම වසංගතයට සෘජුවම නිරාවරණය විය හැකි ඉදිරි පෙළ කාර්ය මණ්ඩලය වශයෙන්, අප COVID – 19 ආසාදිතයන් බවට පත් වීමේ ඉහල සම්භාවිතාවයක් ඇති අයවලුන් ලෙස හැඳින්විය හැක. යම් හෙයකින් කාර්ය මණ්ඩලයේ අයෙකුට රෝගය වැළඳුන හොත් එයට මුහුණ දීමට මනා සැලැස්මක් තිබිය යුතු බව අප ඉතා තදින් විශ්වාස කරන්නෙමු. අප වෘත්තිය සමිතිය විසින් මෙම ගැටළුව වාර ගනනාවකදී ඉස්මතු කර දැක්වුවද එයට නිසි පිළිතුරක් හෝ ඒ තුලින් ක්‍රියාත්මක වූ ක්‍රියාපටිපාටියක් හෝ දක්නට නොලැබිනි. ඇතැම් විට අපගේ ලිඛිත සැල කිරීම් වලට ඉතා ප්‍රමාද වී සමාගම විසින් පිළිතුරු දැක්වූ අතර, ඇතැම් විටෙක කිසිදු පිළිතුරක් නොලැබිනි.
අප රට තුල ඇති අනෙකුත් සමාගම් දුරදර්ශීව හැසිරෙමින් මීට මාස ගණනාවකට පෙර සිටම ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ සේවකයන් covid – 19 ආසාදනය වුවහොත් නේවාසිකව රැකබලා ගැනීමට අවශ්‍ය සියළු නිරෝධාන පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අනෙකුත් අදාළ රජයේ බලධාරීන් සමඟ ක්‍රියා කරමින් නිර්මාණය කළහ. නමුත් අප සමාගම විසින් එවැනි කිසිවක් කිරීමට උත්සහයක් නොදැක්වීම, අප මහත් කනගාටුවට පත් වූ කාරණයක් බව සඳහන් කරමු.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය සේවකයන් ආරක්ෂා කිරීමේ වගකීමෙන් අසමත්ව ඇත. සමාගමේ සේවකයින් covid -19 ආසාදනය වීමේ ප්‍රවනතාවයක් වැඩි වීමක් පෙන්නුම් කල අවස්ථාවේ පවා ඔවුන් බලධාරීන් සමඟ සාකච්ඡා කොට නිසි පිළිතුරක් ලබා දීමට කිසිදු උනන්දුවක් නොදැක්වූහ. සෞඛ්‍ය බලධාරීන් පවා ප්‍රකාශ කර සිටිනුයේ යම් හෙයකින් අපගේ සේවා ආයතනය විසින් එවැනි ඉල්ලීමක් කළ තිබුනේ නම්, එයට ඉඩ දීමට හැකියාවක් තිබූ බවය.
මේ සම්බන්ධයෙන් ආරම්භසේ සිටම ශ්‍රී ලංකන් ගුවන් සමාගම් කළමනාකාරිත්වය විසින් සතුටුදායක විය නොහැකි ප්‍රවේශයක් පෙන්නුම් කර ඇත. අප විසින් ඉදිරිපත් කළ ලිඛිත සන්නිවේදනයන්ට ප්‍රතිචාර දැක්වීමේදී ඔවුන් දැක්වූ නොසැලිකිලිමත් හා අතිශය ඍණාත්මක ආකල්පයන්ගෙන් පෙන්නුම් වනුයේ, ඔවුන්ගේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය සාමාජිකයින් ආරක්ෂා කිරීමට ඔවුන් තුල ඇති නොහැකියාවය. මෙලෙස පෞද්ගලික නිරෝධායන ස්ථාන පසුගිය මාස කිහිපය තුල බොහෝ ආයතනික සමාගම් විසින් ස්ථාපානය කොට ඇත. මෙතුලින් පෙනී යන්නේ මෙය කල නොහැක්කක් නොවන බව ත්, එය දුෂ්කර කාර්යයක් නොවන බවත් ය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය සමඟ මෙම තත්වය කිරීමට නැවත නැවතත් කල උත්සාහයන් ව්‍යවර්ථ වීම හේතුවෙන් “කෘත්‍ය ලේඛනය අනුව පමණක් පියාසර කිරීම” යන වැඩ පිළිවෙලට අවතීරණ වීමට අපට සිදු විය. එනම්, සමාගම විසින්ම අප වෙත ලබා දෙනු ලබන වැඩට පැමිණීමේ කාල සටහනට 100% එකඟව පමණක් වැඩ කිරීම පමණක් අප විසින් සිදු කරන අතර, එම කාල සටහන සටහන නොහොත් ලේඛනය සමාගම විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය වෙනස් කිරීමට එකඟ නොවීම මේ තුලින් සිදු වේ, මන්ද යත් බොහෝ විට මෙම ලේඛනයට පරිබාහිරව වැඩ කරමින් අප විසින් ස්වකැමැත්තෙන් පමණක් ලබා දෙන ලබන ආධාරය අප විසින් අත්හිටුවීමයි.
එවැනි තත්වයක් තුල අපගේ නිවාඩු දිනයන්හි දී සේවයට පැමිණෙන ලෙස කරන ඉල්ලීම අප විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. නිවාඩු දිනයකදී සේවයට වාර්තා කිරීමට නීතිමය හෝ ගිවිසුම්ගත බැඳීමක් නොමැත. මෙය හුදෙක් සේවකයාගේ කැමැත්ත අනුව පමණක් සිදු වන්නක් අතර එලෙස සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කිරීමට සේවකයාට නීතිමය අයිතියක් ඇති බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු. ගුවන් කාර්ය මණ්ඩල සේවකයෙකුට ප්‍රකාශිත කාල රාමුවක් තුල අනිවාර්ය නිවාඩු දින ලබා දීම අතිශය වැදගත් වේ, මන්දයත් පරිපූරණ විවේකයක් ලබා ගැනීමට ඇති එකම අවස්ථාව මෙය වන බැවිනි. එසේ නොකිරීම තුලින් නිදන්ගත විඩාකාරී තත්වයකට ගුවන් නියමුවන් පත් විය හැක. මෙය ඔවුන් පියාසර කරන යානයේ මගීන්ගේ ආරක්ෂාවට ඍජු හා බලවත් ගැටළු ඇති කිරීමට මූලික වනු ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ට ආයාසයකින් තොරව පෞද්ගලික නිරෝධායන මාධ්‍යස්ථානයක් සංවිධානය කිරීමට හැකිව තිබිණි. එම සමාගමේ ක්රියාකලාපය තුලින් පිළිබිඹු වන්නේ එවැන්නක් සිදු කිරීමට ඔවුන් කිසිවිටකත් උත්සාහයක් නොදැරූ අතර, රජය ඔවුන් සමග සහයෝගයෙන් ක්‍රියා නොකරන බවට හේතු දක්වමින් එම වරද රජය මත පැටවීමට උත්සහ දැරීමක් බවය. මෙම හේතුන් ඉදිරිපිට අපගේ මැසිවිල්ලට පිළිතුරු සපයා ගැනීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදු විය. අපගේ සාමාජිකයෙකු COVID-19 වයිරසය ආසාධිත බව නිගමනය වුවහොත් ඔවුන්ගේ පවුල් වල අයවලුනුත් PCR පරික්ෂාවට බඳුන් කරනු ලැබේ. යම් හෙයකින් ඔවුන්ද COVID-19 වයිරසය ආසාධිත බවට සනාථ වුවහොත් ඔවුන්වද රටේ ඕනෑම ප්‍රදේශයක ඇති නිරෝධායන මධ්‍යස්ථානයකට යවනු ලැබීම වලක්වා ගැනීමට මෙම පියවර අප ගුවන් නියමුවන් විසින් ගනු ලැබ ඇත.
ALPGSL දශක ගණනාවක් මුළුලේ ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටින අතර සෑම විටම අපගේ ආදරණීය ගුවන් සේවයේ යහපත වෙනුවෙන් හදවතින්ම ක්‍රියා කර ඇත. භයානක සිවිල් යුද සමයේදී ත්‍රස්තවාදීන් විසින් කටුනායක ගුවන්තොටට ප්‍රහාර එල්ල කල අවස්ථාවේ පවා නොපසුබටව අප සමාගම සමග රැඳී සිටියෙමු. COVID-19 වසංගතය මධ්‍යයේ වුවද, අපගේ පවුල් වල ආදරණීයයින් මෙම වයිරසයට අප හරහා නිරාවරණය විය හැකියාවක් තිබියදී පවා අප සෑම විටකදීම අප සතු වූ පරම වගකීමක් ලෙස සලකමින් එය ඉටු කිරීම පිණිස සේවයට වාර්තා කළෙමු.
අපගේ ආදරණීය සමාගමේ කලමනාකාරිත්වය මෙතරම් පහත් මට්ටමකට ඇද වැටීම, වෙහෙස මහන්සියෙන් රාජකාරි ඉටු කරන සේවකයින් කෙරෙහි දක්වන නොතැකීම දෙස අප දැඩි දුක්මුසුව බලා සිටිමු. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය මෙම අවාසනාවන්ත තත්වයට ඍජුවම වග කිව යුතු අතර ඔවුන් ඔවුනට පෞද්ගලික වැදගත්කමක් ඇති කාරණා සඵල කර ගැනීමට දරන උද්යෝගය ඉහත කී කාරණය උදෙසා දක්වා තිබුනේ නම් මේ වන විටත් මෙම ගැටළුව සමථයකට පත් කර තිබිය හැකිය යන්න අපගේ විශ්වාසයයි. සියලු ගැටළු මධ්‍යයේ වුවද අප හට පැවරී ඇති රාජකාරියෙන් ඔබ්බට ගොසින් අපගේ ගුවන් සමාගමේ සුභ සිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් වී කටයුතු කලෙමු. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට තම සේවකයින් හට ඉතාමත් නින්දිත ලෙස සලකමින් සිටිනු ලැබීම ඉතා දුක්මුසු කාරණයකි.

2020 නොවැම්බර් 27 දා අප සමාගමේ දෙවන වරටත් ගුවන් නියමුවෙක් COVID-19 වැළඳී ඇති බවට සනාථ වුන අවස්ථාවේ පටන් ඉහතින් දක්වා සිටි ඉල්ලීම් ක්‍රියාත්මක කරන මෙන් අප පාලනාධිකාරියෙන් නැවතත් ඉල්ලීම් කළෙමු. ඔවුන්ගේ තිබු පැහැදිලි අඩුපාඩු නිරාකරණය කොට ගෙන අප වෙත විසඳුමක් ලබා දෙනවා වෙනුවට කළමනාකාරීත්වය මේ වන විට අශෝභන ලෙස රජයේ නීති පවා උල්ලංඝණය කරමින්, අනීතික උපක්‍රම වලට යොමු වෙමින්, සිය සේවකයින්ට හිරිහැර කරමින් ඇත.
ALPGSL ට එරෙහිව අපහාසාත්මක මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට හා ගුවන් නියමුවන්ට හිරිහැර කිරිමට කළමනාකාරීත්වය විසින් දරන ලැබූ හා දරමින් පවතින ප්‍රයත්නය අපගේ ගැටළු වලට විසඳුම් ලබා දීමටද දරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.
මෙය කෙසේ වුවද, එදා සහ අද මෙන් හෙට දිනයේදීද අපගේ මාතෘ භුමියේ සන්නාමය ලොවට ගෙනයාමට අප ගුවන් නියමුවන් කැප වී සිටින බවට සඳහන් කිරීමට කැමැත්තෙමු.

It is with utmost disappointment and revulsion that we have been compelled to respond publicly due to the CEO and the management being unwilling to accept their sheer incompetence in organising a private facility to house asymptomatic staff who have tested positive for COVID-19 in the line of duty while attempting to hide behind a shabbily-worded, factually-lacking press release aimed at tarnishing the reputation of its dedicated pilots.

At the very onset of the pandemic, it was the pilots and crew of SriLankan Airlines who continued flights to mainland China when all the major global airlines suspended operations immediately. The crew went above and beyond their call of duty when they were sent on a humanitarian mission to Wuhan, the epicentre of the pandemic at the time, in order to bring home Sri Lankan students who were stranded there. This was done without hesitation, with the purest of motives and in the best interest of the nation with full knowledge of the serious risks involved.

Further to this, due to the normal operations of the company being disrupted, the monthly roster that the crew normally works by was made a weekly one, with crew on standby most of the time, ready to operate flights at a moment’s notice.

These flights, too, when operated, would entail a period of self-isolation away from their families for seven to 14 days and a PCR test thereafter.

The laid-down flight duty periods (the maximum allowable duty time) were extended in order to stretch the limits of the pilots so that the company could maximise profits and take advantage of any available business opportunity. This meant operating a flight to Europe and flying back immediately after a minimum rest period of 12-14 hours.

Although it was exhausting work, it was done unhesitatingly and unquestioningly in the spirit of unity and the sole intention of doing the best we can to help the airline weather the storm during these difficult times.

As frontline staff who are directly exposed to the brunt of the pandemic by way of transporting hundreds of potentially infected passengers, it seems obvious that the highest priority of the company would be to have a well-laid-out plan in the event one of the crew members tests positive. This was never done by the company, and although highlighted several times by the ALPGSL, scant regard was afforded, with written communication responded to several days later or not responded to at all.

Several months ago, many reputed corporate companies proactively made arrangements with the MOH and other relevant government authorities to house their staff in private facilities in the event their employees tested positive.

Again, the powers that be at SriLankan Airlines did not even attempt, let alone initiate a similar process, knowing full well the high possibility of a crew member testing positive.

The company has failed in its duty towards protecting its own. Adding insult to injury, they did not even react when crew members started testing positive nor did they move to begin discussions with authorities concerning company-affiliated treatment facilities. The authorities themselves at this juncture have said that had SriLankan Airlines requested a private facility, it would have been made possible. However SriLankan Airlines did not act.

The management has displayed an unenthusiastic approach in handling this affair from the very beginning. Their negligent behaviour in responding to formal written communication and in taking any sort of action is a clear reflection of their ineptitude and incompetence in the protection of their frontline staff – something that many corporate companies have proven in the last few months is not impossible nor difficult.

After repeated attempts to rectify the situation through the proper internal channels, the ALPGSL was forced to resort to ‘flying the published roster’. All this means is that we will do our duties as stipulated in the published roster. However on the rostered days off, we will not undertake duties that the company may ask us to perform. It must be made crystal clear that there is no legal or contractual obligation to work on an ‘off day’, and it is fully within the rights of a crew member to accept or refuse duty on an ‘off day’.

It is actually very important for a crew member to receive these mandatory off days within a published duty period in order for him/her to be well-rested due to the odd hours of work and nights spent without any sleep. Flying on off days could lead to severe and chronic fatigue, rendering it a safety risk for that pilot to be in control of an aircraft and be responsible for its passengers.

The actions of the company are deplorable for it has been made abundantly evident that the company could have facilitated private accommodation without too much difficulty, yet they never attempted to do so but instead hid behind excuses claiming that the Government was not cooperating with them. The ALPGSL was forced to take action in order for their grievance to be attended to and the urgency of it was stressed.

In addition to a crew member testing positive, his/her family is also subject to PCR testing, exposing them to the very real possibility of being dispatched to a quarantine centre in any part of the country. The action being taken by the pilots in this moment is one of desperation, in order to protect their loved ones from having to face the danger of being sent somewhere for 14 days.

The ALPGSL has for decades stood by the company, always keeping the best interests of their beloved airline at heart. During the dangerous times of the Civil War, even when the Katunayake Airport was attacked by terrorists, the pilots and the crew did not stand down. Even in the midst of the COVID-19 pandemic, we have always put our duty before our own interests, even when it meant our families and loved ones could be exposed to the virus.

It is with a heavy heart that we watch the management of our beloved company sink to a new low, the sheer audacity with which they have acted and the total disregard they have shown for their hard-working employees.

Had the company and the members of the management directly responsible for this predicament employed the same enthusiasm and fast-tracking procedures used when it is concerning a matter of personal importance to themselves, we believe that a suitable solution could have been arrived at already, and we would strive above and beyond our stipulated duties in the best interests of the airline. It is deeply saddening that having marched on despite all odds, the company has resorted to treating its employees in a despicable manner, showing no appreciation for the efforts made by us nor remorse for its inaction.

The second pilot tested positive on 27 November 2020, and from that time onwards, the ALPGSL has made repeated requests to the management to stir themselves into action. There were glaring shortcomings on the part of the management which could easily have been rectified. Failing to do this, however, they have now resorted to strong-arm tactics and harassment in gross violation of the laws of the land.

We hope that our grievance will be resolved with the same vigor and urgency that was taken to make a defamatory press release against the ALPGSL and initiate a campaign of harassment against the pilots. However, unflinching, we will continue to be ambassadors of our proud island nation.

Share with your friends :