කොරෝනා පැතිරයාම හේතුවෙන් මලයාසියාව ලබන ජනවාරි 26 දක්වා ලොක්ඩවුන් කර තිබේ.රට තුල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය මේ වසරේ අගෝස්තු 1 වැනිදා දක්වා ක්‍රියාත්මකය. මලයාසියානු රජු සමග මලයාසියානු අගමැති මුහිදීන් යාසීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.
මෙම ලොක් ඩවුන් කිරීම ප්‍රාන්ත අටකට බලපාන අතර මලයාසියානු අගනුවර වන ක්වාලාලම්පූර් ද ඊට අයත්වේ.
මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් මලයාසියානු රෝහල් පිරී පවතී.
මේ වන විට මලයසියාවෙන් කොරෝනා රෝගීන් 138224 ක් වාර්තාවී ඇති අතර මරණ සංඛ්‍යාව 555 කි.
previous post
next post