Jack Ma හට අයත් ලෝක ප්‍රකට අලි බබා සමාගම සහ Ant සමාගම රජයට පවරා ගැනීමට චීන රජය කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.
ලොව සුප්‍රකට අලි බබා සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද වන Jack Ma ගේ අතුරුදහන්වීම මේ දින වල ලොව පුරා ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. චීන ජාතික ජැක් මා චීනයේ පාලන ක්‍රමය හා වර්තමාන ව්‍යාපාර රටාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසු එක්වරම අතුරුදන් වීම ලොව පුරා විවිධ පුවත් මවන්නට සමත්විය.
අවසන්වරට ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ 2020 ඔක්තෝබර් මාසයේ 24 දා වන අතර එතැන් පටන් ඔහු අතුරුදන්ව ඇත. චීනයේ ධනවත් ම මිනිසා ලෙස වසර ගණනාවක් පෙරමුණ ගෙන සිටි Jack Ma ප්‍රසිද්ධියේ චීනයේ මූල්‍ය හා නියාමන පද්ධතියට චෝදනා කළ අතර පසුව ඔහුට චීනයෙන් පිටව නොයන ලෙසට චීන රජය නියෝග කර තිබිණි.
මේ අතර අලි බබා සහ Ant සමාගම සම්බන්ධයෙන් චීන රජයේ මූල්‍ය විශේෂඥයන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
1964 සැප්තැම්බර් 10 වැනිදා උපන් Jack Ma ගේ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 58.3 ක් වන අතර ඔහු චීනයේ දෙවන ධනවත්ම මිනිසාය. ෆොර්බ්ස් සඟරාවට අනුව ලොව ධනවතුන් අතර 20 වැනියා Jack Ma ය.
ඔහු ඉංග්‍රීසි කතා බැහැ හුරුවීම සඳහා තම බයිසිකලයේ විදේශිකයන් නංවා ගෙන කිලෝමීටර් 27 ක් පමණ ඔවුන් සමග යමින් ඔවුන් හා කතා බහ කළේය. ඔහුගේ ජීවිතයේ මුල් කාලයේ විවිධ රැකියා 30 කට පමණ ඉල්ලුම් කල අතර ඒ සියල්ලෙන් ඔහු ප්‍රතික්ෂේප කෙරිණි. පසුව 1994 දී අන්තර් ජාලය ගැන දැනගත් Jack Ma 1995 දී ඒ හරහා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය.පසුව ඇමරිකාවට පැමිණි Jack Ma අන්තර් ජාලය සම්බන්ධයෙන් දිගින් දිගටම සොයන්නට පටන් ගත අතර ඒ හරහා බොහෝ දුරක් ය හැකි බව ඔහු තේරුම් ගත්තේය.ඉන්පසු Jack Ma චීන සමාගම් සඳහා වෙබ් අඩවි නිර්මාණය ආරම්භ කළේය. 1999 වසරේ අප්‍රේල් 4 වැනිදා Jack Ma තම මිතුරන් 18 දෙනෙකු සමග තම පුද්ගලික අපාර්ට්මන්ට් එකෙහි අලි බබා සමාගම ඔහු ආරම්භ කළේය. එය ඔහුගේ දියුණුවේ ආරම්භය විය. 2020 වසර වන විට අලි බබා සමාගමේ කාර්ය මණ්ඩලය 117,600 ක් විය.කෙසේවෙතත් ඔහු චීන රජය හා ප්‍රතිපත්ති විවේචනය කරමින් විශාල අත්වැරැද්දක් කර ගත්තේය.කොතරම් විශාල ව්‍යාපාරිකයකු වුවත් චීන රජයට එය වැදගත් නැත. අද වන විට Jack Ma සිටින්නේ කොහේදැයි ලොවම දන්නේ නැත. ඒ චීනයේ හැටිය. චීනයේ සිටි බොහෝ ඉහල ව්යපරිකයන්ටද මීට පෙර මේ ඉරණමම අත් විය.