27 C
Colombo
19/01/2025

යුක්රේන් සංචාරකයෝ පිරිසක් මහනුවර දළදා මාලිගාවේ සංචාරයක

Share with your friends :

ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සංචාරයක නිරත වී තිබේ. කොරෝනා පැතිරයාම වැලක්වීමට දැනට ලොක් ඩවුන් කර ඇති යුක්රේනයේ පිරිස් මෙසේ පැමිණීම මගින් දළදා මාලිගයේ සේවකයන පවා දැඩි අවදානමකට ලක්වීම බරපතල කාරණයකි.
රජයේ හා සෞඛ්‍ය අංශවල නිරෝධායන නීතිරීතිවලට අනුව එම සංචාරයකයින් කණ්ඩායමට ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ සංචාරය කර ඇතත් තවමත් කොරෝනා වයිරසයේ සැබෑ තත්වය දිනෙන් දින වෙනස් වන නව සොයා ගැනීම් වලින් යුක්තය. එම නිසා එහි බෝවීම හා පැතිරයාම සම්බන්ධ කාරණා රටින් රටට , ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්ය.
ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා සංචාරක පිරිසට වෙනම දොරටුවකින් දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුල්වීම සඳහා කටයුතු යොදා තිබු බව සඳහන්ය.
යුක්රේනයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 1,115,026 ක් වාර්තාවී ඇති අතර පසුගිය පැය 24 ක කාලය තුල නව කොරෝනා ආසාදිතයන් 5011 ක් ද මරණ 99 ක්ද එරට තුල සිදුව තිබේ. එරට මේ වන විට සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 19767 කි.

Share with your friends :