ඇමෙරිකා එක්සත් ජනපදයේ CIA හෙවත් මධ්‍යම බුද්ධි කාර්යාංශයේ නව ප්‍රධානියා ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන විලියම් බර්න්ස් පත් කිරීමට එරට ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින ජෝ බයිඩන් පියවර ගෙන ඇත.
වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන විලියම් බර්න්ස් වසර 33 ක් ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ජනාධිපතිවරු යටතේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කර තිබේ. එසේම රහස් ඔත්තු සේවා ප්‍රධානී තනතුරට පත් ප්‍රථම වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාද ඔහුය. ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමට මුලික වූ ඔහු රුසියාවේ හා ජෝර්දානයේ ඇමරිකානු තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
