පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් කීපදෙනේකුටම කොරෝනා අසාදනය වී ඇතැයි ආරංචි පැතිර යමින් ඇති අතර මේ නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද කොරෝනා පරීක්ෂාව සඳහා යොමු කිරීමට නියමිතය. මේ වන විට දයාසිරි ජයසේකර, රවුෆ් හකීම් සහ වාසුදේව නානායක්කාර යන මැති ඇමතිවරුන්ට කොරෝනා ආසදනයවී ඇති බව නිලවශයෙන් තහවුරු වී තිබේ. මේ වන විට රවුෆ් හකීම්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන උපයෝගී කරගෙන හදුනාගෙන ඇති පිරිස මෙසේය.
ගයන්ත කරුණාතිලක
තලතා අතුකෝරල
එම්.ඒ. සුමන්තිරන්
ශානක්‍ය රාසමාණික්‍යම්
ලක්ෂමන් කිරිඇල්ල
අශෝක අබේසිංහ
එම්. රාධක්‍රිෂ්ණන්
තිස්ස අත්තනායක
කෙහෙලිය රඹුක්වැල්ල
ජනක බණ්ඩාර තෙන්නකෝන්
කේ.එම්. නන්දසේන යන පිරිස ඒ අතර සිටිති.
මේ අතර පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති තවත් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ්රීතයන් ලෙස හදුනාගෙන ඇත.
ෆයිසාල් කාසිම්
එම්.එම්. හරීස්
එම්.එස්. තවුෆීක්
නසීර් අහමඩ්
මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත. මේ අනුව පාර්ලිමේන්තුවේ සියලු සේවකයන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබේ.
අගමැතිවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේද ආසාදිතයකු බව හෙළිවී තිබේ.
කුමාරසිරි හෙට්ටිගේ මහතා පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එහිදී පාර්ලිමේන්තුවේ අංශ කිහිපයකටම ඔහු ගොස් ඇත.