අනතුරට පත් SJY 182 ඉන්දුනීසියානු ශ්රී විජය ගුවන් යානයේ ගමන් විස්තරය සහිත කළු පෙට්ටි ඇති ස්ථානය එරට නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හඳුනා ගෙන තිබේ. මගීන් 50 ක්හා හා කාර්යමණ්ඩලයේ 12 දෙනෙකු සමග අතුරුදහන්වූ මෙම යානයේ කළු පෙට්ටි ඉදිරි පැය කීපය තුල ගොඩ බිම වෙත ගෙන ඒමට නියමිතය.
යානයේ සුන්බුන් හා මගීන්ගේ සිරුරු කොටස් ද හමුවී තිබේ.
යානයේ ගමන් කල මගීන් අතර දරුවන් හතක් සහ ළදරුවන් තිදෙනෙකුද වෙති. එසේම ළඟදී විවාහ වූ යුවලක්ද මගීන් අතර වෙති. ගුවන් යානයේ නියමුවා එරට ජනතාව අතර අතිශය ජනප්රිය පුද්ගලයෙකි.