27 C
Colombo
19/01/2025

ෆිලෝමේනා කුණාටුවෙන් ස්පාඤ්ඤයට අධික හිමපතනයක්

Share with your friends :

ෆිලෝමේනා කුණාටුව හේතුවෙන් ස්පාඤ්ඤය සමහර කොටස් අධික හිම පතනයෙන් වැසී ඇති අතර රටෙන් පළාත් රැසකට අධි-අවදානම් අනතුරු ඇගවීම් එරට රජය විසින් නිකුත් කර ඇත. මාර්ග, දුම්රිය හා ගුවන් ගමන් වලට මෙම තත්වය හේතුවෙන් බදා ඇති වී ඇති අතර ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු ඇමති ෆනෑන්ඩො ග්‍රෑන්ඩ්-මාර්ලස්කා පැවසුවේ පසුගිය වසර 50 තුළ රට තුල ඇතිවූ වඩාත් දරුණුතම කුණාටුවට මෙය බවයි.
දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් එකක් වන මැඩ්රිඩ් ප්‍රාන්තයට ඉදිරි පැය 24 තුළ සෙන්ටිමීටර 20ක (අඟල් අටක්) පමණ හිම පතනයක් ඇති වීමට නියමිතය.
ෆිලෝමේනා හේතුවෙන් මේ දක්වා මරණ 4 ක් වාර්තා වී තිබේ. බලධාරීන් පැවසුවේ දෙදෙනෙකු දැඩි ලෙස සීතලට නිරාවරණය වීම නිසා ගල් වී මරණයට පත්ව ඇති බවයි. ඔව්න් ගෙන් එක් අයෙකු මැඩ්රිඩ් හි වයඹ දෙසින් පිහිටි සර්සාලෙජෝ නගරයේ සහ අනෙක නැගෙනහිර නගරය වන කලටයූඩ්හි ය. මල්ගා නගරය අසල මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ගංවතුරෙන් ගසාගෙන ගොස් ඇත.මෙම කුණාටුව නිසා මාර්ග හා දුම්රිය ගමන් ඇනහිටීම හේතුවෙන් නගරයේ බරජාස් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා ඇත.

Share with your friends :