27 C
Colombo
19/01/2025

වට්ස්ඇප් කොන්දේසිවලට විරෝධය – ජනතාව ටෙලිග්‍රෑම්-මෙසෙන්ජර් සමග යති

Share with your friends :

ලොවපුරා ඉතාමත් ජනප්‍රිය සන්නිවේදන සමාජ ජාලයක් වන වට්ස් ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි නවතම කොන්දේසි වලට විරෝධය පල කරමින් වට්ස්ඇප් පරිශීලකයන් වට්සැප් වෙනුවට විකල්ප සමාජ මාධ්‍ය යෙදුම් වන ටෙලිග්‍රෑම්, මෙසෙන්ජර් වැනි යෙදුම් භාවිතයට පෙළඹසිටිති.
මේ සම්බන්ධයෙන් ලොව පුරා සමාජ මාධ්‍ය වල විවිධ ප්‍රචාර පැතිරෙමින් පවතින අතර, මෙය වට්ස් ඇප් සමාජ මාධ්‍ය ජලයේ හිමිකරුවන් වන ෆේස්බුක් සමාගමට පාඩු වන ලෙස බලපෑමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොවපුරා ජංගම දුරකථන පරිශීලකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය සන්නිවේදන සමාජ ජාලයක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි නවතම කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ. 2014දි ෆේස්බුක් සමාගම විසින් වට්සැප් යෙදුම මිලදී ගන්න ලදී. මේ පිළිබඳව ලොව පුරා බොහෝ දෙනෙක්ගේ වැඩි අවධානයක් යොමුවී තිබෙන්නේ මෙවර ඔවුන් ගෙන තිබෙන දැඩි ප්‍රතිපත්ති හේතුවෙනි.
ඒ අනුව පසුගිය 8 වෙනිදා සියලුම වට්ස්අප් පරිශීලකයන්ට පොප් අප් පණිවිඩයක් මගින් ඔවුන්ගේ නවතම කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන ලද අතර මින් ඉදිරියටත් වට්ස්අප් යෙදුම භාවිත කිරීමට නම් එය සමග එකග වීය යුතු වේ. මෙය වඩාත් ආන්දෝලනාත්මක වීමට හේතුව නම් වට්සැප් යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණයට ෆේස්බුක් සමාගමට ඉඩප්‍රස්තාව සහ එම දත්ත වාණිජමය අරමුණු සඳහා යොදාගැනීමට ඉඩ ලැබේ. එනම් ඔබේ දත්ත ෆේස්බුක් සමාගමට අවශ්‍ය පරිදි භාවිතයට ගත හැකි බවත්, තවද ඔවුන්ට මුල්‍යමය වශයෙන් එම දත්ත තෙවන පාර්ශවයකට විකිණීමටත් හැකි වේ. එම තෙවන පාර්ශවය විසින් අදාළ දත්ත සමග කරන කිසිදු ක්‍රියාකරකමකදී ෆේස්බුක් සමාගම එහි වගකීම භාර නොගනී.

Share with your friends :