බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා කොරෝනා ආසාදිත බවට අනාවරණය වීමත් සමග ඔහු සමීපව ඇසුරුකළ මැති ඇමතිවරුන් හා ඉහළපෙලේ රජයේ නිලධාරීන් රැසක් දැඩි කලබලයට පත්ව තිබේ.
මේ හේතුවන් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබේ.
කොරෝනා ආසාදිත වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා සමගින් පලමු පෙලේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
එමෙන්ම එම ඇමතිවරුන් සදහා සුදුසු පරිදි කොරෝනා පරීක්ෂණ සිදු කිරීමටද නියමිතව තිබේ.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා මීට දෙසතියකට පමණ පෙර කුරුණෑගල හෙට්ටිපොල පිහිටි සිය කාර්යාලයේදී හමුවූ පිරිසක් අතර සිටි තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු ද පී.සී.ආර් පරීක්ෂණයක් කරගෙන ඇත.එහිදී ජයසේකර මහතා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.