27 C
Colombo
19/01/2025

කොවිඩ්-19 මළසිරුරු ආදාහනය පමණයි – පවිත්‍රා වන්නිආරච්චි

Share with your friends :

කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඈත.
ඒ අනුව ඉදිරියටත් කො‍විඩ් 19 මරණ භූමදානය සිදුනොකර ආදාහනය පමණක් සිදුකිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරිය කියා සිටියාය
කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නේද , ආදානය කරන්නේද යන්න විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ආදාහනය කිරීම බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.එහිදී ආගමික දේශපාලන හෝ වෙනත් හේතු නොසලකන බවද ඇය පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් කමිටුවකින් භූමදානය නිර්දේශ කර තිබේදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ විමසීමක ඇය කියා සිටියේ එම කමිටුව ප්‍රධාන කමිටුව නොවන බවයි.
වෛරස විශේශඥයන් කිහිප දෙනෙකු විසින් සිය මතය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙන ඉදිරිපත් කර තිබූ බවත් තමන්ද එය ලිඛිතව බාර ගෙන ප්‍රධාන කමිටුවට යොමු කළ බවද ඇය සඳහන් කළාය.එම කණ්ඩායම සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය මුණ ගැහුනේ නිල නොවන වශයෙන් බව ද ඇමතිනිය සඳහන් කළාය.කෙසේ නමුත් ඔවුන්ගේ මතය ද ප්‍රධාන කමිටු වෙත දැනුම් බවත් ප්‍රධාන කමිටුවේ තීරණයක් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

Share with your friends :