27 C
Colombo
19/01/2025

කුඩම්මාගේ සැලකිලි වලට විරෝධය පා ශ්‍රීලංකන් ගුවන් නියමුවෝ අකුරට වැඩ

Share with your friends :

කොරෝනා අවදානම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන්ගේ ඉල්ලීම් එහි කළමනාකාරිත්වය ලබා නොදීම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන්නට සිදුවන බව ශ්‍රීලංකන් ගුවන් නියමුවන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉහල කළමනාකාරිත්වයට දැනුම්දී තිබේ.
මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් හත් දෙනෙකුට කොරෝනා ආසදනයවී තිබේ. ඒ පසුගිය වසරේ තිදෙනෙකු හා මේ වසරේ සිවු දෙනෙකු ලෙසය.
පසුගිය කොරෝනා සමයේ ශ්‍රීලංකන් ගුවන් නියමුවන් දැඩි කැපවීමකින් සේවය කරමින් නිවාඩු හා විවේක කාලයන් අඩු කරගනිමින් අඛන්ඩ සේවා වල නිරතවූ අතර ඒ හේතුවෙන් විශාල ආදායමක් ගුවන් සේවයට හිමි විය. එසේම එම කාලය තුල තම විවේක කාල නියමුවන් විසින් අඩුකර ගැනීම නිසා ජාත්‍යන්තර ගුවන්තොටුපලවල ගුවන්යානා නවතා තැබීමට යන විශාල මුදලක් ගුවන් සමාගමට ඉතිරි විය.
එහෙත් එම කාලය තුල ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන්ගේ වැටුප් සහ දීමනා සියයට 25 %-35%-50% ආදී ලෙස අඩු කරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොකර ගුවන් නියමුවන් තම සේවා පවත්වා ගෙන ගියහ. එහෙත් කොරෝනා වලින් ආරක්ෂාවීම සඳහාත් යම් ලෙසකින් කොරෝනා ආසාදනය වුවහොත් ඒ සඳහා නිරෝධායන හෝ ප්‍රතිකාර සඳහා නිසි ක්‍රමවේදයක් ඔවුහු ඉල්ලා සිටියහ. එහෙත් ඒ සඳහා සමාගමේ වෛද්‍ය නිලධාරිනියක දිගින් දිගටම බාධා කර ඇත්තේ නියමුවන්ගේ සේවා තත්වයන් පවා නොසලකා හරිමිනි. රෝගී වූ නියමුවන් කොළඹින් දුර බැහැර නිරෝධායන මධ්‍යස්ථාන වලට යවා ඇති අතර ඒවායේ වැසිකිලි පහසුකම් පවා නිසි ලෙස නොමැති බවට ගුවන් නියමුවරුන් චෝදනා කරති. මේ නිසා වහාම මේ තත්ත්වයට විසඳුම් ලබා නොදෙන්නේ නම් තමන් සාමාන්‍ය රාජකාරී කටයුතුවල පමණක් නිරත වන බවටත් , නිවාඩු දින වල සේවය නොකරන බවටත් ගුවන් නියමුවෝ පවසති.

Share with your friends :