පසුගියදා ශ්රීලංකාවේ සංචාරය කල ඉන්දීය විදේශ ඇමති සුබ්රමනියම් ජයිෂන්කර් මහතා සිය සංචාරය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඔහුගේ පාලන සමය තුල ඉන්දියාව සමග පවත්වා ගෙන ගිය දීර්ඝ මිත්රත්වය සම්බන්ධයෙන් මෙහිදී ඉන්දීය විදේශ ඇමතිවරයා විසින් හිටපු අගමැතිවරයාට සිය කෘතඥතාවය පල කර තිබේ.