යුක්රේනය සිට මෙරටට පැමිණෙන සංචාරකයන් අතර ගණිකාවන් සොරුන් සහ ජාවාරම්කරුවන් පැමිණෙමෙන් ඇතැයි පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු පවසා තිබේ.
යුක්රේනය යනු වීදි ගණිකා වෘත්තියට ප්‍රසිද්ධ රටක් බවත් අද වන විට එම ගණිකාවන් දිනකට ඩොලර් 120 වියදම් කරමින් ශ්‍රී ලංකාවට පැමිනෙමින් සිටින බවත් මෙහිදී චෝදනා එල්ල විය.
ඔවුන් පවසන්නේ මෙම යුකරේන සංචාරකයන් අතර සිටින කාන්තාවන් 18 දෙනකුට මාස තුනක් සඳහා වීසා ලබා දී ඇති බවයි. අනෙකුත් අයට සාමාන්‍ය වීසා ලබා දෙමින් සිටියදී මෙම 18 දෙනාට පමණක් මාස තුනකට වීසා ලබා දුන්නේ මන්දැයි යන්න ගැටළුවක් බවත් මෙම 18 දෙනා මේ වන විට සිටින්නේ කොහේදැයි කිසිස්වකු නොදන්නා බවත් මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කළහ.