27 C
Colombo
19/01/2025

ට්‍රම්ප්ගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් අත්හිටුවයි – දෝෂාභියෝගයක් ගැන කතාබහ

Share with your friends :

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ. ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවී කලහකාරී ලෙස හැසිරීමට තම ආධාරකරුවන් මෙහෙයවූ බවට ජනාධිපති ට්‍රම්ප් වෙත චෝදනා එල්ලවීම මීට හේතුවයි.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් හට විරුද්ධව දෝෂාභියෝගයක් වහාම ඉදිරිපත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වන විට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් අතර සාකච්ඡා වී තිබේ.
කෙසේ වෙතත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට ඇත්තේ ලබන 20 වැනිදාය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට එනම් ඇමරිකානු කොන්ග්‍රසය හා සෙනෙට් මණ්ඩලය රැස්වන පාර්ලිමේන්තුවට සිදුකල පහරදීමෙන් එක කාන්තාවක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
අදාළ පහරදීම සිදුවන විට පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කල ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ කටයුතු සිදුවෙමින් පැවතිනි.
කැරලිකරුවන් විසින් කැපිටල් ගොඩනැගිල්ලට විශාල ලෙස හානි සිදු කර තිබේ. මෙය ඇමරිකානු ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ විශාලතම කළු පැල්ලමක් ලෙස ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයෝද පවසති.මෙම පහරදීම අතරතුර තත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරද එල්ල විය.
1812 වසරෙන් පසු මෙම ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රථම ප්‍රහාරය මෙයයි.

Share with your friends :