ඇමරිකා එක්සත් ජනපදයේ නව අධිකරණ ප්‍රධානියා (Attorney General) ලෙස විනිසුරු මෙරික් ගාලන්ඩ් විනිසුරුවරයා ජෝ බයිඩන් විසින් පත් කර තිබේ.
68 හැවිරිදි ගාලන්ඩ් දැනට වොෂින්ටනයේ අභියාචනාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරයි. 2016 වසරේදී හිටපු ඇමරිකානු ජනධිපති බැරක් ඔබාමා විසින් මොහු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නම් කලද රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් ඊට විරුද්ධ විය.
Attorney General තනතුර ඇමරිකාවේ අධිකරණ අංශයේ ප්‍රධාන තනතුර වන අතර එම තැනැත්තා කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි.