27 C
Colombo
19/01/2025

විදෙස් ශ්‍රමිකයන් ගසාකන මාෆියාවක් – ඇමති අරුන්දික හෙළි කරයි

Share with your friends :

විදෙස් ශ්‍රමිකයකු මෙරටට පැමිණීමේදී රුපියල් ලක්ෂ හතරක් හෝ හතරහමාරක් වැය කරන්නට සිදුව ඇති බවත් විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම දැමීමේදී පටන් මාෆියාවක් ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුව අමතමින් පැවසීය.
ලක්ෂ දෙකක් ටිකට්පතට දී තවත් ලක්ෂ ගනනක් හෝටල් වලට වැය කරන්නට සිදුව ඇති බවත් අද වන විට විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම ඉතාම අසාධාරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයි ද ඔහු චෝදනා කළේය.
ගුවන් තොටුපලේදී පුද්ගලික හෝටල් තුල නිරෝධායනයට එම ශ‍්‍රමිකයන් ගෙන යාම සදහා මහා මාෆියාවක් ඇතැයිද විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම මේ වන විට ගසා කෑමක් බවටත්, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයිද ,ඒ හේතුවෙන් මෙම රජය බලයට පත් කිරීමට විශාල කැපකිරීමක් කල විදේශගත ශ‍්‍රමිකයන් රජය ගැන බරපතළ ලෙස කලකිරී ඇතැයිද ඔහු පැවසීය.
මෙම වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ දැක්මට විරුද්ධව සිදු කරන වැඩපිළිවෙළක් යයි ද ඔහු චෝදනා කළේය.

Share with your friends :