27 C
Colombo
18/01/2025

බිලියන 13.7 මුල්‍ය චෝදනා – ETI එදිරිසිංහලා ඇප පිට නිදහස්

Share with your friends :

ETI ආයතනයේ තැන්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ETI හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහල, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරනු ලැබීය.
රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඔවුන් මුදා හැර ඇති අතර සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පනවා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. එසේම සති දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
එම ආයතන වල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සිදුකර තිබූ නියෝගයක් අනුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ETI ආයතනයේ තැන්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව ඔවුන්ට එල්ල වී තිබූ චෝදනා වේ.

Share with your friends :