27 C
Colombo
18/01/2025

පකිස්ථානය පැරදවූ නවසීලන්තය ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ මුල් තැනට

Share with your friends :

නවසීලන්තය හා පකිස්ථානය අතර නවසීලන්තයේදී පැවැත්වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 176 කින් ජයගන්නට නවසීලන්තය සමත් විය. මේ සමග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානය දිනා ගන්නට නවසීලන්තය සමත්වී තිබේ. එසේම පකිස්ථානය සමග ටෙස්ට් තරගාවලියද නවසීලන්තය 2-0 ලෙස ජය ගත්හ.
මෙම තරගයේදී නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 238 ක් ලබා ගන්නට සමත් විය. එසේම නවසීලන්ත කණ්ඩායමේ ඩැරල් මිචෙල් ලකුණු 102 ක්ද , හෙන්රි නිකලස් ලකුණු 157 ක්ද ලබා ගත්හ. නවසීලන්තය තම පළමු ඉනිම සඳහා කඩුලු හයක් පමණක් දැවී ලකුණු 659 ක් ලබා ගත්හ. දෙවන ඉනිම සඳහා පකිස්ථානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186 ක් පමණි.
පළමුව පන්දුවට පහර දුන් පකිස්ථානු කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 297 ක් ලබා ගත්හ. නවසීලන්තය දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කලහොත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීමේ පළමු ස්රථානය ලබා ගන්නට නවසීලන්තයට හැකි වනු ඇත. එසේම මෙම ටෙස්ට් තරගය ජය ගතහොත් ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා තරගවැදීමට අවස්ථාව හිමිවීමටද ඉඩ තිබේ. ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ලබන වසරේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ
නවසීලන්තය පසුගිය ටෙස්ට් තරග හයම ජය ගෙන ඇති අතර 2017 වසරේ මාර්තු මාසයෙන් පසුව තම රටේදී ටෙස්ට් තරගයක් පරාජය වී නොමැත.
නවසීලන්ත නායක කේන් විලියම්සන් දැනට ලොව ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වලදී පළමු ස්ථානය දිනා සිටී.

Share with your friends :