රටේ සිදුවන භික්ෂු ඝාතනයන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය.
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන බවටත්, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන බවටත් පොරොන්දු වී බලයට පැමිණි රජයක් කටයුතු කරන ආකාරය ගැටළුවක් බවද මේ ඝාතන රැල්ල සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක් කල යුතු බවටද විපක්ෂනායකවරයා පැවසීය.