27 C
Colombo
19/01/2025

මහනුවර දුම්කොල කර්මාන්ත ශාලාව ගැන පරිසර අධිකාරියට පැමිණිලි

Share with your friends :

මහනුවර , මාවිල්මඩ පරණ ගංතොට පාරේ ලංකා දුම්කොළ සංස්ථාවට අයත් දුම්කොළ කර්මාන්ත ශාලාව මගින් ජනනය වන දුර්ගන්ධය අවට පරිසරයට පැතිර යන බවට මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂනයකදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදාල සමාගමටද මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය විසින් දන්වා ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම කාර්මික තාක්ෂණ ආයතනය මගින් මිනුම් වාර්තා ලබා ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කර්මාන්ත ශාලාව තුල දුම් කොළ ඇඹරීම, තැම්බීම හා පදම් කිරීම සිදු කරන බවත් , ඒ මගින් ඇතිවන දුර්ගන්ධයක් අවට ප්‍රදේශ වාසීන්ට හා ඒ අසල ඇති ජාත්‍යන්තර පාසලේ දරුවන්ට ආග්‍රහණය වන බවත් එමගින් දරුවන්ට හා ප්‍රදේශවාසීන්ට දැඩි අසීරුතා ඇති බවත්ය. වමනය, කරකැවිල්ල ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ පවා කර්මාන්ත ශාලාව අසල ඇතැම් දරුවන්ට හා ප්‍රදේශවාසීන්ට ඇතිවී තිබෙන බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති. ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම බලධාරීන් දැනුවත් කර තිබේ. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කිරීමෙන් පසු අදාළ ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කර තිබේ.

Share with your friends :