27 C
Colombo
19/01/2025

කෝටි 1370 ක් සාවද්‍ය පරිහරණයට ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරුන් අත්අඩංගුවට

Share with your friends :

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) පස්වරුවේ උපදෙස් ලබාදී තිබුණි.
තැන්පත්කරුවන් සතු රුපියල් කෝටි 1370 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියම කළේය.
තැන්පත්කරුවන් ඊ.ටී.අයි. ආයතනයේ තැන්පත් කළ රුපියල් කෝටි 1370 ක මුදල සාවද්‍ය පරිහරණය කිරීම සඳහා මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යටතේ මුදල් විශුද්දීකරණ පනත යටතේ මෙම විමර්ශනය කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩි දුරටත් උපදෙස් දී ඇතැයි නීතිවපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය සඳහන් කළාය.
ඊ.ටී.අයි. ආයතනයේ තැන්පත් කළ තම මුදල් එහි අධ්‍යක්‍ෂවරුන් විසින් සාවද්‍ය පරිහරණය කොට ඇතැයි සඳහන් කරමින් එහි තැන්පත්කරුවන් විසින් මේ වන විට පොලිසියට පැමිණිළි ඉදිරිපත් කොට ඇත. එමෙන්ම ඔවුන් අධිකරණ ක‍්‍රියාමාර්ලගවලට ද අවතීර්ණ වී ඇති අතර ඊට අදාලව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය සළකා බැලූ නීතිපතිවරයා එහි අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

Share with your friends :