27 C
Colombo
24/11/2024

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජෙයශංකර් ශ්‍රීලංකාවට පැමිණෙයි

Share with your friends :

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද පැමිණ සිටියහ. ඉන්දීය විදේශ ඇමතිවරයාගේ 2021 වසරේ පළමු නිල විදේශ සංචාරය මෙය වන අතර ශ්‍රීලංකාවටද 2021 වසරේ පැමිණෙන මුල්ම විදේශ අමුත්තා මොහුය.
එම පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Share with your friends :