මහත් ආන්දෝලනයට තුඩු දුන් අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් අද පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.
අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගැබෙහි විපක්ෂයේ පළමු පෙළ අසුනක් වෙන්කර ඇත.
රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරට වන අතර ඒ හිමියෝ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.