27 C
Colombo
19/01/2025

කොවිඩ් එන්නත් දෙකකට ඉන්දියාව අනුමැතිය ලබා දෙයි

Share with your friends :

කොවිඩ්-19’ මර්දනය සඳහා ඉන්දියාව ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකකට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමගාම නිෂ්පාදනය කළ ‘කොවිෂීල්ඩ්’ සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ සමාගම නිෂ්පාදනය කළ ‘කොවැක්සීන්’ එන්නතට ඉන්දියාවේ ඖෂධ නියාමන ජනරාල්වරයාගේ අනුමැතිය හිමි වී තිබේ.
මේ අනුව කොවිෂීල්ඩ් එන්නතට ජනවාරි 1 වැනිදා අනුමැතිය හිමි ව තිබෙන අතර කොවැක්සීන් එන්නතට ජනවාරි 2 වැනිදා අනුමැතිය හිමි වී තිබේ.
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ඉන්දියාව තුළම නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි. ඊට අමතරව ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ද ඉන්දියාවේ නිෂ්පාදනයකි. ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු අතර ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමඟ එක්ව භාරත් බයෝටෙක් සමාගම එම කොවිඩ්-19 එන්නත නිෂ්පාදනය කර ඇත.
ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන වනු ඇත.ඉන්දියාවේ සියලු දෙනාට ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදෙන බව එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පවසා තිබේ.

Share with your friends :