කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ උණු කිරීමේ වැඩපොලක බොයිලේරුවක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් එහි සේවය කළ ඉන්දියානු ජාතිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා ජාවිඩ් නමැත්තෙකි.
ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් සේවයේ නිරත ඉන්දියානු සමාගමක් මගින් පවත්වාගෙන යන මෙම කම්හලේ අබලි යකඩ උණු කරමින් තිබියදී බොයිලේරුව පිපිරීමකට ලක් වීමෙන් එහි දියවී තිබූ යකඩ කොටස් විසිරීමෙන් පිළිස්සුම් තුවාල ලත් තිදෙනා මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ජාවිඩ් නමැති ඉන්දියානු ජාතිකයා මියගොස් ඇත.
බරපතළ තත්ත්වයේ සිටි සෙසු තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට මාරුකර යවා ඇත.
පිපිරීමත් සමඟ ම විසිරී ගිය ද්‍රාවණය වූ යකඩ කොටස් විසිරී මෙන් පසු තැන තැන කුට්ටි වශයෙන් විසිරී පැවති බව පොලීසිය පවසයි.
next post