ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කර සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවී ඇත.
උන්වහන්සේ බන්ධනාගාර ගත කරන ලද්දේ 2010 ජනාධිපතිවරණ සමයේදී ගිනිඅවියක් ළඟ තබාගැනීමේ චෝදනාවට සම්බන්ධයෙනි.
තීන්දුවට එරෙහිව කර ඇති අභියාචන ඉල්ලා අස්කර ගැනීමෙන් කොන්දේසිය මත මෙම නිදහස් කිරීම සිදු කර ඇති බව පැවසේ.
මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩය නියම වී ඇති දුමින්ද සිල්වාට ද ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බවටද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
previous post