ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සන්නාමය වෙනස් කර තිබේ. එම සන්නාමය වෙනස් කරන බවට සේවකයන් හෝ වෘත්තීය සමිති වෙත කිසිදු දැනුම් දීමක් සිදු කර නොතිබූ අතර මේ පසුව එය කල් දමන බවට ටෙලිකොම් පාලනාධිකාරිය විසින් ප්‍රචාරයක් ගෙන ගිය අතර පසුව කෙසේ හෝ එය නියමිත පරිදිම සිදු කර තිබේ.මෙම වෙනසට රුපියල් මිලියන දහසක් වියදම් වන බවට වෘත්තීය සමිති චෝදනා කරන අතර එය රට දැවැන්ත මුල්‍ය අර්බුදයක් තිබියදී අනවශ්‍ය දෙයක් බවටද පවසති.
මේ හේතුවෙන් ටෙලිකොම් ආයතනයේ ලිපි ලේඛන නිල සන්නාම, බෝඩ්, හෝර්ඩින් සියල්ල වෙනස් කෙරේ. මේ වන විට ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය රුපියල් බිලියන පනහකට වැඩි ණය පහසුකම් දේශීය බැංකු වලින් ලබා ගෙන ඇති අතර පසුගියදා සේවක බෝනස් පවා ලබා දුන්නේ තවත් බැංකුවකින් ණය පහසුකම් ලබා ගනිමිනි.
පෙර සන්නාමය