27 C
Colombo
19/01/2025

නව විද්වත් කමිටු වාර්තාව මගින් කොන්දේසි යටතේ භූමදානයට අවසර…!

Share with your friends :

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව මගින් එම සිරුරු ආදාහනයට මෙන් ම භූමදානයට ද ඉඩදිය හැකි බවට නිර්දේශ කර තිබේ. මෙම ගැටලුව හේතුවෙන් රට තුල පසුගිය සති කීපය තුල ගැටළුකාරී තත්වයක් නිර්මාණය වී තිබිණි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංජීව මුණසිංහ විසින් මෙම නව කමිටුව පත් කර තිබිණි.
ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා සභාපතිත්වය දරන විශේෂඥයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවෙහෙි ක්ෂුද්‍රජීව විද්‍යාව, වෛරසවේදය, ප්‍රතිශක්තිවේදය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත ය.වර්තමාන ලෝක විද්වතුන්ගේ නිර්දේශ අනුව අවසන් කටයුතු කිරීමේ දී සිරුර සීල් කළ බහාලුම් දෙකක බහාලිය යුතු අතර භූමදානය කිරීමේ දී අදාළ වළ මීටර 1.5ක් ගැඹුරු විය යුතු අතර භූගත ජල මට්ටමට වඩා මීටර 1.2ක් ඉහළින් විය යුතු ය. එසේ ම එම වළ පහත් බිමකට අවම වශයෙන් මීටර 10ක් දුරින් විය යුතු අතර ජල ළිඳකට මීටර 250ක් දුරින් විය යුතු බව ද දිය පහරක සිට අවම වශයෙන් මීටර 30ක් දුරින් විය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
එසේ ම ආදාහනයේ දී හෝ භූමදානය කිරීමේ දී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන ආගමික කටයුතු කිරීම සඳහා විනාඩි 10ක් ලබා දීමට ද නිර්දේශ කර තිබේ. මෙම අවස්ථාව සඳහා එක් ආගමික පූජ්‍ය හෝ පූජකතුමෙකුට ද පවුලේ සිව් දෙනෙකුට ද සහභාගී විය හැකි බව එමගින් නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත් මෙම නව කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය තවමත් ප්‍රකාශ කර නොමැත.
අදාළ වාර්තාවේ නිර්දේශ කීපයක් පහත දැක්වේ.

Share with your friends :