27 C
Colombo
18/01/2025

යේමන ගුවන්තොටේ පිපිරීමෙන් 26 මරුට ඇමතිවරු යන්තමින් දිවි ගලවා ගනිති

Share with your friends :
අගමැතිවරයා සහ ඇමතිවරු ගුවන් යානයෙන් බසින අතරේ බෝම්බ පිපිරීම සිදු විය

යේමනයේ නව රජයේ අගමැතිවරයා සහ කැබිනට් ඇමතිවරු සවුදි අරාබියේ සිට යේමනය දක්වා පැමිණි ගුවන් යානය යේමනයේ ඒඩ්න් ගුවන් තොටුපලට පැමිණි වහාම ගුවන් තොටුපල තුල ප්‍රබල පිපිරීම් හා වෙඩි තැබීම් කීපයක් සිදුව තිබේ. මෙම පිපිරීමෙන් 26 දෙනෙකු මිය ගොස් තවත් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
කෙසේවෙතත් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කරගෙන ජනාධිපති මන්දිරය වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ සමත්වී තිබේ. මෙම පිපිරීම් හා වෙඩි තැබීම් වලින් පස් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතත් නිලවශයෙන් තවමත් ඒ සම්බන්ධ විස්තර ලබා දී නැත. අගමැතිවරයා සහ ඇමතිවරු ගුවන් යානයෙන් බසිනවාත් සමගම පිපිරීම් ආරම්භවී තිබේ.හවුති ගරිල්ලන් මෙම ප්‍රහාරය එල්ල කල බවට යේමන රජය සැක කරයි.
ජාත්‍යන්තර මැදිහත්වීම් මත යේමනය සඳහා නව රජයක් පිහිටුවන ලද අතර කොන්දේසි මත ඊට කැරලිකරුවන්ද සහයෝගය දෙති. මෙම නව රජය සවුදි අරාබියේදී යේමන ජනාධිපතිවරයා ඉදිරියේ පසුගිය 18 වැනිදා දිවුරුම් දෙන ලදී. යේමන ජනාධිපතිවරයා ගැටුම් නිසා මේ වන විට සවුදි අරාබියේ ජීවත්වේ.
2015 සිට යේමනයේ පවතින ගැටුම් වලින් මේ දක්වා 110,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

Share with your friends :