පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව හෙළිවී තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින්ද තහවුරු කර තිබේ. මාස නවයක් පමණ ඇනහිට තිබු සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් යුක්රේනයේ සිට පැමිණි සංචාරකයෝ 185 ක් පමණ විශේෂ ගුවන් යානයකින් පසුගිය 26 වැනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණියහ.
ඉදිරි දින වලදී යුක්රේනය, රුසියාව, බෙලරුසියාව ඇතුළු රුසියානු කලාපයේ රටවලින් තවත් සංචාරකයන් හය දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිතය.
previous post