27 C
Colombo
18/01/2025

මෝස්‌තර නිර්මාණ ශිල්පයේ අනාගත නිමැයුම්කරු Pierre Cardin මියයයි

Share with your friends :

ලෝක ප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු වූ ප්‍රංශයේ පියරේ කාර්ඩින් (Pierre Cardin) අභාවප්‍රාප්තවී තිබේ. මිය යන විට 98 වන වියෙහි පසුවූ ඔහු ලෝක මෝස්‌තර නිර්මාණ ශිල්පය වෙනස් කල එම ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකි. ප්‍රංශයේ පැරිස් නගරය ආසන්නයේ රෝහලකදී ඔහු මිය ගොස් තිබේ. ඔහු සැමවිටම අනාගතය දුටුවේය. අනෙකුත් මෝස්‌තර නිර්මාණකරුවන් සිතන්නට පෙර ඔහු බොහෝ දේ සිතුවේය. ඔහුගේම ශෛලියකට ඔහු වැඩ කළේය. එය අන්සියල්ලටම වඩා වෙනස් වූ අතර ඔහුටම ආවේනික විය.සියල්ලන් අතර ඔහු වෙනසක් විය. එයම ඔහුගේ සාර්ථකත්වය විය. ලොව බොහෝ ප්‍රකට පුද්ගලයන්ට හා ලෝක ප්‍රසිද්ධ උත්සව අවස්ථා වල මෝස්‌තර නිර්මාණකරු ඔහු විය.
ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහුගේම වචන වලින් ඔහුගේ ඉන්ස්ටර්ග්රම් සමාජ ජාල අඩවියේ මෙසේ ලියා තිබිණි.
pierrecardinofficiel
“I have always worked in my own style, which is different from all others. It was always my intention to be different, because that is the only way to last.”
PIERRE CARDIN

Share with your friends :